සිය කණස්සල්ල හේතුවෙන් අහේතුක කරුණු දක්වන ඇමරිකාව
2024-04-25 10:36:35
Share with:

ඇමරිකා රාජ්‍ය ලේකම් Antony Blinken මහතා ඊයේ(24) චීනයේ සංචාරයක් ආරම්භ කළේය. එම සංචාර‍යේ දී Antony Blinken චීනයේ නිෂ්පාදිත විදුලි වාහනවල සහ සූර්ය පැනලවල "අධිධාරිතාව" වෙත අවධානය යොමු කරනු ඇතැයි ඇමරිකාව පැවසීය.

නිෂ්පාදන අපනයනය හා අධිධාරිතාව ඇමරිකාව විසින් සමාන කිරීම ආර්ථික සාමාන්‍ය දැනුමට පටහැනි අතර එය ගෝලීය සංවර්ධන ප්‍රවණතාවටද විරුද්ධ ය.

ලෝකයේ විශාලතම ප්‍රතිජනන බලශක්ති වෙළඳපොල හා උපකරණ නිෂ්පාදන රට වන චීනයේ යහපත් නිෂ්පාදන ධාරිතාව අධික නොවන අතර එය ලෝකයට අත්‍යවශ්‍යය.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සංඛ්‍යාලේඛනයට අනුව කාබන් වි‍මෝචන සමතුලිතතාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් 2030 වසරේ දී ලෝකයට අවශ්‍ය විදුලි වාහන සංඛ්‍යාව මිලියන 45කි. එය 2022 වසරේ අගයට වඩා සියයට 350කින් ඉහළ ය. අදාළ නිෂ්පාදන ධාරිතාවෙන් වෙළඳපොල අවශ්‍යතාව සපුරා ගත නොහැකි බව ඉන් පැහැදිලි ය. නව බලශක්ති නිෂ්පාදන කෙරෙහි සංවර්ධනය වෙමින් පවතින රටවල සැඟවෙන දැවැන්ත අවශ්‍යතාව ඊට ඇතුළත් ය.

Bloomberg වාර්තාවට අනුව ඇමරිකාවේ සුළං විදුලි බලාගාරවල සෑම සංකීර්ණ උපාංගයක් ම පාහේ ප්‍රාදේශීය සැපයුම් දාමයේ අසීරු තත්ත්වයට මුහුණ දෙමින් සිටී. යුරෝපයේ එවැනි සමාන තත්ත්වය ගෙවුනු වසර දෙක තුළ පුළුල් වී ඇත. බටහිර රටවල නව බලශක්ති කර්මාන්තයට සංවර්ධන ගැටළු ඇති බව ඉන් පෙන්නුම් කෙරේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ආර්ථික හා වාණිජ ප්‍රතිපත්ති ඒජන්සියේ හිටපු අධ්‍යක්ෂ John Ross මහතා මෑතකදී ලිපියක් පළ කරමින් සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳාම තුළ සිය නිෂ්පාදන වටිනාකම් දාමය ඉහළ ස්ථානයක පවත්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඇමරිකාව කණස්සල්ලෙන් සිටින බවයි. චීනයේ නව කර්මාන්ත සංවර්ධනය මර්දනය කිරීම, ඇමරිකාව  හුදෙක්ම සිය පටු වාසි තකා සිදුකරන්නක් බව ඉන් ඉතා පැහැදිලිය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම