චීන සහ මැලේසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
2024-04-25 18:53:30
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා මැලේසියානු විදේශ අමාත්‍ය Mohamad Hasan මහතා හමුවිය.එම හමුව අද(25) බෙයිජිං හිදී පැවැත්විණ.

රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගතවූ වසර 50ක කාලය තුළ, චීනය හා මැලේසියාව සෑම විටම එකිනෙකාගේ අවංක මිත්‍ර රට ලෙස ක්‍රියා කර ඇතැයි වං යී මහතා එහිදී පැවසීය. මැලේසියාව සමඟ දෙරටේ නායකයන්ගේ පොදු එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටියි. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය නිමිත්තෙන් චීන-මැලේසියා පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම මත ද්විපාර්ශ්වික සබඳතාව වඩා දිරිමත් ඉදිරි වසර 50ක් නිර්මාණය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.මැලේසියාව සමඟ අදහස් හුවමාරු තහවුරු කරමින් ගෝලීය දකුණේ රටවල පොදු ජයග්‍රහණ ඒකාබද්ධව සුරක්ෂිත කිරීමට සූදානමින් සිටින බවද වං යී මහතා ප්‍රකාශ කළේය.    

එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරන මැලේසියාව, බාහිර බලවේගයන් දකුණු චීන මුහුදු කලාපයේදී ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට විරුද්ධ වන බව Mohamad Hasan මහතා එහිදී පැවසීය. චීනය සමඟ ඒ ඒ මට්ටමේ අදහස් හුවමාරු ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම