චීනයේ කාර්මික නිෂ්පාදන ධාරිතාවය සමග ඇති පරතරය පිළිබඳව කණස්සල්ලට පත්ව සිටින ඇමරිකාව
2024-04-24 11:03:44
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා සිය සේවා කාලය තුළ දෙවන චීන සංචාරය අද (24) ආරම්භ කළේය.

ඔහු මෙවර චීන සංචාරය තුළ, ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් Janet L.Yellen ගේ චීන සංචාරය අතරතුර මතු කෙරුණු ඊනියා චීනයේ "නිෂ්පාදිත  අධි ධාරිතාව " සම්බන්ධයෙන් අඛණ්ඩව අදහස් දක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධයෙන් Janet L.Yellen සිය චීන සංචාරයේදී මූලික පියවර තැබුවාය. චීනයේ නිෂ්පාදන ධාරිතාව රටේ දේශීය ඉල්ලුමට වඩා බෙහෙවින් ඉක්මවන අතර ගෝලීය වෙළඳපොල ධාරිතාව ද  ඉක්මවා ගොස් තිබේ. අධි ධාරිතාව,  අඩු මිලට අපනයනය කිරීමට හේතු විය හැකි අතර, ඇමරිකානු සහ අනෙකුත් රටවල සමාගම් හා ශ්‍රමිකයන්ට හානි සිදු විය හැකි යන්න ඇයගේ මතය විය.

ඇතැම් ඇමරිකානු ආර්ථික විශ්ලේෂකයින්ට පවා Yellen ගේ මෙම ප්‍රකාශය තේරුම් ගත නොහැක. Yellen  ගේ ප්‍රකාශ වසර 200කට වැඩි කාලයක් පුරා බටහිර රටවල් විසින් ප්‍රවර්ධනය කර ඇති ආර්ථික විද්‍යාවේ මූලික මූලධර්ම උල්ලංඝනය කරන බව ඔවුහු විශ්වාස කරති.

"චීනය" සහ "අධි ධාරිතාව" යනුවෙන්  සඳහන් කර ඇති ඇමරිකානු මාධ්‍ය වාර්තා සෙවීමේදී, චීනයේ "නිෂ්පාදිතයන් හි අධිධාරිතාව" යන්න මතු කිරීම 2022 වසරේ සිට ආරම්භ වී ඇති බව දැකිය හැකිය.

2022 දී, ඊනියා චීනයේ "නිෂ්පාදිත අධි ධාරිතාව" සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇමරිකා මාධ්‍ය සන්නායක කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළේය. 2023 සිට, චීනයේ ඊනියා "අධි ධාරිතාව" පිළිබඳ ඇමරිකා මාධ්‍ය වාර්තා, චීනයේ "නව බලශක්ති නිෂ්පාදන" වෙත අවධානය යොමු කර ඇත. ඒවා අතර නව බලශක්ති වාහන විශේෂයෙන් සඳහන් වේ.

ඇමරිකාව හා සසඳන විට චීනයට ඉහළ ප්‍රමුඛත්වයෙන් යුතු කර්මාන්ත ඇමරිකාවේ ආඛ්‍යානය යටතේ “අතිරික්ත කර්මාන්ත”බවට පත්ව ඇති බව දැකිය හැකිය. චීනයේ නව බලශක්ති කර්මාන්තය තරඟකාරීත්වය පෙන්නුම් කරන සෑම අවස්ථාවකම, ඇමරිකා මාධ්‍ය ඊනියා චීනයේ "නිෂ්පාදිත අධි ධාරිතාව" හුවා දක්වයි. ඊනියා චීනයේ "අධි ධාරිතාව" කෙරෙහි ඇමරිකා මාධ්‍ය අවධානය යොමු කිරීම, චීන ආර්ථික වර්ධනයේ ප්‍රගතිය සඳහා අවධානය සහ චීනයේ නව ගුණාත්මක ඵලදායිතාවේ වර්ධනය සඳහා දක්වන කනස්සල්ල ලෙසට පැහැදිලිය.

2023 දී චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදන ප්‍රමාණය ලක්ෂ 95.87ක් විය. එම වසරේ චීනය නව බලශක්ති වාහන ලක්ෂ 12.03ක් අපනයනය කර ඇත. චීනයේ නිෂ්පාදන ධාරිතාවයෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා යොදා ගනී. ලෝකය සඳහා, නව බලශක්ති වාහන අපනයන ධාරිතාව සපුරාලීමට ප්‍රමාණවත් ‍නොවන බව ඉන් පිළිබිඹු වෙයි.

චීනයේ නව බලශක්ති කර්මාන්තයේ සැබෑ තරඟකාරිත්වය සහ චීනයේ කාර්මික නිෂ්පාදන ධාරිතාවයෙන් චීනය සමඟ ඇති වෛෂයික පරතරය පිළිබඳව ඇති නිසි අවබෝධය නිසා ඇමරිකාව හදවතින්ම කනස්සල්ලට පත්ව සිටින ආකාරයක් මෙමගින් පැහැදිලි වෙයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම