වසර ආරම්භයේම චීන ආර්ථිකයේ ප්‍රගතියක්
2024-04-24 19:40:59
Share with:

මේ වසරේ පළමු කාර්තුවේ චීනයේ ආර්ථික සංවර්ධනය යහපත් ආරම්භයක් පෙන්වා දී ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(24)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය ආයතන රැසක වාර්තා අතර මේ වසරේ චීන ආර්ථිකයේ ඉදිරිදැක්ම ඉහළ නැංවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

මේ වසරේ පළමු කාර්තුවේ චීන ආර්ථිකයේ යහපත් ආරම්භයක් සනිටුහන් කර ඇත. පාරිභෝජනය, ආයෝජනය හා අපනයන යන ආර්ථික වර්ධනයේ ශක්ති තුනක දර්ශකයන් යහපත් ලෙස පවත්වා චීන ආර්ථිකයේ අඛණ්ඩ පුනරුත්ථාපන ප්‍රවණතාව පෙන්වා දුන් බවද හෙතෙම පැවසීය.

ඇමරිකානු කළමනාකරණ උපදේශක සේවා සමාගම වන A.T.Kearney සමාගම නිකුත් කළ 2024 වසරේ ගෝලීය විදේශ ව්‍යවසාය සෘජු ආයෝජන විශ්වාසනීය දර්ශකයට අනුව, චීනය අදාළ  ශ්‍රේණිගත ලැයිස්තුවේ පවතින ස්ථානය පසුගිය වසරේ 7 වන ස්ථානයෙන් සිට 3 වන ස්ථානයට ඉහළ නංවා තිබේ. Bloomberg ප්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කළ වාර්තාවට අනුව, ඉදිරි වසර 5ක් තුළ චීනය ගෝලීය නව ආර්ථික මෙහෙයුම් තුළ ලොව පළමු ස්ථානය අත්පත් කර ගනු ඇතැයි ද වං වෙන්බින් මහතා සඳහන් කළේය. මේ වසරේ පළමු කාර්තුව තුළ චීන දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 5.3කින් වැඩි වූ අතර ඒ තුළ අභ්‍යන්තර අවශ්‍යතා ආර්ථික වර්ධනයට ලබා දුන් දායකත්වය සියයට 85.5කට ළඟා විණ. එය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ශක්තියක් ලෙස සැලකන බවද වං වෙන්බින් මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම