පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව ජැමයිකාව නිවේදනය කරයි
2024-04-24 10:14:32
Share with:

පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව ජැමයිකාව ප්‍රකාශ කරයි.

ජැමයිකානු විදේශ ඇමතිනි Kamina Johnson Smith මහත්මිය පෙන්වා දුන්නේ, "ද්වි-රාජ්‍ය විසඳුමට" ජැමයිකාව අඛණ්ඩව සහාය දක්වන බවයි. එය දිගුකාලීන ගැටුම විසඳීමට මෙන්ම, ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ පලස්තීනුවන්ගේ අභිමානය හා අයිතිවාසිකම් සුරැකීමට ඇති එකම  විකල්පය බව, ඇය පැවසුවා ය.

පලස්තීන රාජ්‍යය පිළිගැනීම මගින්, ජැමයිකාව අර්බුදය සඳහා  සාමකාමී විසඳුමක් සඳහා වන ආයාචනා ශක්තිමත් කරයි. ගාසා තීරයේ ගැටුම් අඛණ්ඩ ව දැඩි වීමෙන් මතුව ඇති මානුෂීය අර්බුදය කෙරෙහි ජැමෙයිකාව කනස්සල්ල පළ කරන බව Kamina Johnson Smith මහත්මිය නැවතත් සඳහන් කළා ය. පලස්තීන-ඊශ්‍රායල ගැටුම හමුදා ක්‍රියාමාර්ගයකට වඩා රාජ්‍ය තාන්ත්‍රික සංවාදයකින් විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු යැයි ජැමයිකානු රජය යෝජනා කරන බව, ඇය අවධාරණය කළා ය.

ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඇති කිරීම සහ රැඳවියන් නිදහස් කිරීමට ජැමයිකාව සහාය දක්වයි. එසේම ගාසා වැසියන්ට විශේෂයෙන් ම දෛනිකව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බොහෝ කාන්තාවන් සහ ළමයින්ට, මානුෂීය ආධාර ලබා ගැනීම සහතික කිරීමට, ජැමයිකාව සහාය දක්වන බව, Kamina Johnson Smith මහත්මිය කියා සිටියා ය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම