කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024-04-24 15:55:54
Share with:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටී.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව 22වැනිදා නිකුත් කළ යාවත්කාලීන වාර්තාවට අනුව චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 773 ක් හිමිකරගෙන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණ ඇත.

ඇය පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 රැස්කිරීමට පෙර පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසු විය.

චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 101 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමගින් ලකුණු 3,513 ක් රැස්කිරීමට සමත්ව ඇත.

එංගලන්ත පිතිකාරී නතාලි සීවර් ප්‍රසාද ලකුණු 764 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරා වොල්වාර්ඩ්ට් ප්‍රසාද ලකුණු 718 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.  

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම