ලෝකයේ විශාලතම වෙළඳපොල හිමි චීනය සිය ප්‍රතිලාභ නොමසුරුව බෙදා ගනී
2024-04-24 16:21:26
Share with:

වසර 15ක සිට අඛණ්ඩව ලොව විශාලතම අපනයනය හිමි රට වශයෙන් චීනය සෙසු රටවල් සමග සිය සාර්ථකත්‍වයේ ප්‍රතිලාභ නොමසුරුව බෙදා ගන්නා බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතා පැවසීය. ලෝකයේ දෙවන ආර්ථිකයට හිමිකම් කියන චීනය ලොව දෙවන ප්‍රධාන ආනයනකරුවාද වෙයි. කෘෂිආර්ථිකයේ සහ කාර්මික වර්ධනයේ අඛණ්ඩතාව මධ්‍යයේ චීනය ලෝකයේ සමස්ථ ආදායමෙන් සියයට 15කට පමණ හිමිකාරිත්වය දරයි. ඒ අනුව ගෝලීය සැපයුම් දාමයේ චීන වෙළඳපොළ භූමිකාව ඉතා ඉහළ අගයක් ගනී. එම අවස්ථාව නොපැකිළව සෙසු රටවල් සමග බෙදා ගැනීමට චීනය දරන උත්සාහය වාර්ෂිකව සංවිධානය කරන ප්‍රදර්ශන හරහා අවබෝධ කර ගත හැකි බව ද සෝමරත්න මහතා මහතා කියා සිටී. මේ සියළු ප්‍රදර්ශන හරහා සෙසු රටවල විදේශ සංචිත ඉහළ නැංවීමට මෙන්ම අවම තීරුබඳු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යමින් විදෙස් සංචිතයන්හි වියදම් අවම කිරීමට ද චීනය සිය සක්‍රීය දායකත්වය ලබා දෙයි. 2024 වසරේ ආරම්භයේ පටන්ම ආර්ථික වර්ධනය උදෙසා චීනය ගන්නා මෙම ක්‍රියාමාර්ග ගෝලීය ආර්ථිකයට ද ඉතා හිතකර තත්ත්වයක් නිර්මාණය කර ඇත. දුෂ්කර රටවල් සඳහා ලොව සියළු ආකාරයේ  වෙළඳපොල වෙත පිවිසීමට චීනය පුළුල් වේදිකාවක් විවෘත කර දී තිබේ. එහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ද විශාල අවස්ථාවක් සලසා දී ඇතැයි කථිකාචාර්ය දර්ශන මහතා පැවසීය.

සෑම වසරකම සිය රාජ්‍ය කාර්ය වාර්තාවෙන් චීනය දේශීය වෙළඳපොල ප්‍රතිලාභ අන් රටවල් වෙත ලබා දීම උදෙසා පවතින බාධාවන් හඳුනාගෙන තවදුරටත් විවෘතභාවයේ අවකාශය බෙදා හදා ගැනීමට ක්‍රියා කරයි.

2024 වසරේ රටේ ආර්ථික කටයුතු පිළිබඳව මෙවර පැවති 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ දෙවන සැසිවාරයේ දී පොදු සැලසුම් හා මාර්ගෝපදේශ ද ඉදිරිපත් කර ඇත. තාක්ෂණික නවෝත්පාදන සහිත නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීම, ප්‍රධාන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සහතික කිරීම හා ඉහළ මට්ටමේ විවෘතභාවය පුළුල් කිරීම ඇතුළු එම සැලසුම් කලාපීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක් ව තිබේ. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීම උදෙසා චීනයේ මෙම අඛණ්ඩ ප්‍රයත්නය ඉතා ඉහළින් අගය කරන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන සම්පත් සෝමරත්න මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම