චීනයේ විදුලි මෝටර් රථ ඇමරිකානු වෙළඳපොලෙන් ඉවත් කිරීමේ අතාර්කික කුමන්ත්‍රණය
2024-04-24 14:44:13
Share with:

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වශයෙන් චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ විමර්ශනය කරන බව ඇමරිකානු බයිඩන් පරිපාලනය ප්‍රකාශ කර ඇත. ඒ සමග චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ සමාජ මාධ්‍ය තුළ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කතිකාවට පාදක වූයේ ඉකුත් ජූලි මස ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයන් 4 දෙනෙකු එරට වාණිජ ලේකම්වරිය හා ප්‍රවාහන ලේකම්වරයා වෙත යොමු කළ ලිපියකි.

Pony Ai යන චීන විදුලි මෝටර් රථ සන්නාමය උපුටා දක්වමින් චීන ස්වයංක්‍රීය මෝටර් රථ ඇමරිකාවේ විකුණා එයින් අදාළ දත්ත අයුතු ලෙස එක්රැස් කිරීමේ චෝදනාව එම ලිපිය මගින් ඉදිරිපත් කෙරිණ. එහෙත් Pony Ai මීට කලින් එනම් 2022 වසරේ මැයි මසට පෙර ඇමරිකානු වෙළඳ පොලෙන් ඉවත් විය. වසරකට‍ පෙර ඉවත්වූ චීන මොටර් රථ සන්නාමයක් 2023 වසරේ ජූලි මස ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූයේ කෙසේ ද..?

එපමණක් නොව එම ලිපියේ අන්තර්ගතයන් හෙළි වී මාස 9කට පසු ගත වූ කාලයේ චෝදනාවලට ලක්වූ චීනයේ නිෂ්පාදිත මෝටර් රථ මාදිලිය කලින් කලට වෙනස් වීම අරුම පුදුමයකි. ඒ මාදිලිය “ස්වයංක්‍රීය මෝටර් රථ” සිට “ජාලයෙන් සම්බන්ධිත මෝටර් රථ”හා“සුහුරු මෝටර් රථ”බවට මාරු විය. ඉකුත් ජනවාරි මාසයේ “විදුලි මෝටර් රථ ”යන නමින් ඒ මාදිලිය යළි වෙනස් කරනු ලැබිණ.

මෙවන් පසුබිමක මෑතකදී සමාජ මාධ්‍ය තුළ චීනයේ නිෂ්පාදිත ‍මෝටර් රථ උණුසුම් කතා බහකට ලක් වී ඇත. ඇමරිකානු ජාතිකයන් තුළ චීන මෝටර් රථ පිළිබඳ සැකයක් පහළ වෙමින් පවතී. එහෙත් ඔවුන්ගේ සැකයට හේතුවූ චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ දැනට ඇමරිකාවේ අලෙවි කෙරෙන්නේ ඉතා සුළු වශයෙනි. චීනයට එරෙහිව අධික තීරු බදු ඇතුළු ආනයන ප්‍රතිපත්ති හේතුවෙන් චීනය ඇමරිකාවට සිය විදුලි මෝටර් රථ අපනයනය විශාල වශයෙන් අවම කර තිබේ.

චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථ තම රටට ඇතුළුවීම වැළැක්වීම වෙනුවෙන් ඇමරිකාව නොගත් උත්සාහයක් ‍නොමැත. තම ව්‍යවසායන් හා නිෂ්පාදිත රැකගැනීම සඳහා ඇමරිකාව ලොව බලගතු ව්‍යවසායන්ගේ නිෂ්පාදිත ඉලක්ක කරගෙන මෙවන් ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ චීනයට පමණක් නොව ජපානය හා ප්‍රංශය වැනි සිය මිතුරු රටවලට ද එරෙහි වයි.

විදුලි ‍මෝටර් රථ නිෂ්පාදනය ගෝලීය කර්මාන්තයකි. සාධාරණ තරගකාරීත්වය මගින් පමණක් තාක්ෂණික ප්‍රගතිය ලබා ගන්නා බවත්, විවෘත සහයෝගිතාව මගින් පමණක් පොදු ජයග්‍රහණ අත්කර ගන්නා බවත්, පොදු පිළිගැනීම වී තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම