ජී 7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමේදී චීනයට එල්ල වූ චෝදනා පදනම් විරහිත බව චීනය පවසයි.
එම රැස්වීම පසුගිය දා නිවේදනය කළේ චීනයේ පවතින වෙළඳපොල නොවන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග "චීන නිෂ්පාදිතයන් හි අධිධාරිතාව"ට හේතු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බව සඳහන් කළේය.
චීනයේ නව බලශක්ති කර්මාන්තය පරිසර හිතකාමී සංවර්ධනය සහතික කිරීම සඳහා වන උසස් පෙළේ කර්මාන්තයක් මිස අධිධාරිතාවයෙන් යුක්ත නොවන බව ඔහු පැවසීය. වර්තමානයේ ලොව බොහෝ රටවලට බලශක්ති අර්බුදය සමනය කරගැනීමේ අවශ්‍යතාව පවතී. එසේම, දේශගුණික විපර්යාස නිසා සිදුවන ඉල්ලුම්වලට අනුගත වීමට ද සිදුව තිබේ. මේ තත්ත්වය හමුවේ චීනයේ නව බලශක්ති කර්මාන්තය ඇතුළු හරිත තාක්ෂණ මෙන් ම හරිත නිෂ්පාදන ගෝලීය වශයෙන් පරිසර හිතකාමී බව ඉහළ නැංවීමටත්, අඩු කාබන් සහිත ක්‍රමවේදයට ලෝකය පරිවර්තනය කිරීමටත් මනා දායකත්වයක් සපයනු ඇත. "අධිධාරිතාව" ලෙසට චීනයේ නව බලශක්ති කර්මාන්තයට එරෙහිව චෝදනා එල්ල කිරීම ආරක්ෂකවාදී හැසිරීමක් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටියේය.