චීන මාධ්‍ය සමූහයේ විදේශ වීඩියෝ උ‍ළෙල මෙවරත්
2024-04-24 10:30:10
Share with:

චීන මාධ්‍ය සමූහය, ජිනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ජිනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන ස්ථාවර නියෝජිත කණ්ඩායම ඒකාබද්ධව 2024 වසරේ එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සහ 4 වැනි විදේශ වීඩියෝ උ‍ළෙල ඊයේ(23) පැවැත්විණ. මෙම උත්සවය වසර 4ක්  පුරා අඛණ්ඩව පවත්වා ගෙන තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී දේශනයක් සිදු කරමින් පැවසුවේ තරුණ්‍යය ‍තේමාවෙන් යුත් මෙවර වීඩියෝ උත්සවය ඔස්සේ ලෝකයේ චීන සංස්කෘතියට ප්‍රියතාවක් දක්වන රසිකයන්ට චීනයට පැමිණීම ආරාධනා කරන බවයි. නව යුගයේ සැබෑ චීනය පිළිබඳ විදේශ තරුණයන්ට අවබෝධය ලබා ගැනීමට ඉන් හැකිවනු ඇතැයි Shen Haixiong මහතා අපේක්ෂා කළේය. එමෙන්ම තරුණ ජවයෙන් සපිරි චීන මාධ්‍ය සමූහය අඛණ්ඩව ලෝකයේ තරුණ මිතුරන් වෙත විවෘත වන බව හෙතෙම කීය.

ජිනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් Tatiana Valovaya මහත්මිය එහිදී පැවසුවේ මෙවර උත්සවයේ තේමාව හා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයට මනාව ගැළපෙන බවයි. මෙවර උත්සවය ඔස්සේ චීන භාෂාව හා කලාවේ ආකර්ෂණය හා බලය යළි දැනෙන බව ඇය පැවසුවාය.

2024 වසරේ එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සහ චීන මාධ්‍ය සමූහයේ 4 වැනි විදේශ වීඩියෝ උළෙලට තරුණ්‍යය තේමා කරගත් වීඩියෝ නිර්මාණ ලබා ගැනීම සිදු කෙරේ. මේ වනවිට රටවල් හා ප්‍රදේශ 47ක නිර්මාණ 1009ක් ඊට ලැබී තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම