පෞද්ගලික මත පසෙක ලා රටට ඔබින අධ්‍යාපන ක්‍රමයක් සාකච්ඡා මාර්ගයෙන් සකස් කළ යුතු බව ජනපති පවසයි
2024-04-24 15:54:27
Share with:

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙක ලා සියලු දෙනා එක්ව සාකච්ඡා මාර්ගයෙන් රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ(23) කොළඹ පැවති සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 10 වැනි දෙවාර්ෂික සම්මේලනය අමතමිනි.

රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව කටයුතු කිරීම අධ්‍යාපන විශේෂඥයින්ට පමණක් සීමා නොකොට පාසල් ගුරුවරුන්, ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු කරන පිරිස් මෙන්ම සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැනි සංගම් ද ඊට සහභාගී කර ගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම