ඉදිරි දශකය තුළ නව බලශක්ති වාහන සඳහා ගෝලීය ඉල්ලුම අඛණ්ඩව වර්ධනය වනු ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසයි
2024-04-24 17:02:19
Share with:

ඉදිරි දශකය තුළ නව බලශක්ති වාහන සඳහා ගෝලීය ඉල්ලුම දැඩි ලෙස අඛණ්ඩව වර්ධනය වනු ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඊයේ (23) නිකුත් කළ වාර්තාවක පෙන්නුම් කෙරේ. එම දැඩි ඉල්ලුමේ වැඩිවීම ගෝලීය මෝටර් රථ කර්මාන්තය ප්‍රබල ලෙස ප්‍රතිනිර්මාණය කරනු ඇති බව ද සඳහන් කෙරේ.

2024 දී නව බලශක්ති වාහනවල ගෝලීය විකුණුම් ඒකක මිලියන 17 දක්වා ළඟා වනු ඇති අතර, එය සමස්ත ගෝලීය වාහන අලෙවියෙන් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් වනු ඇතැයි  "2024 විදුලි මෝටර් රථ ඉදිරි දැක්ම " නම් එම වාර්තාව අනාවැකි පළ කරයි. මේ අතර, 2024 දී චීනයේ නව බලශක්ති වාහන අලෙවිය ඒකක මිලියන 10 දක්වා වැඩි වනු ඇති අතර, එරට දේශීය වාහන අලෙවියෙන් එය 45% ක් පමණ වෙතැයි තක්සේරු කෙරේ. ඇමරිකාවේ සහ යුරෝපයේ නව බලශක්ති වාහන අලෙවිය වෙන් වෙන් ව නවයෙන් එකක් සහ හතරෙන් එකක් පමණ වනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

නව බලශක්ති වාහන නිෂ්පාදන සහ විකුණුම් ක්ෂේත්‍රයේ චීනය අඛණ්ඩව පෙරමුණ ගෙන සිටින බව එම වාර්තාව පෙන්වා දී ඇත. ගිය වසරේ චීනයේ අලෙවි කරන ලද නව බලශක්ති වාහනවලින් 60%කට වඩා ප්‍රමාණයක් සමාන කාර්ය සාධනයක් සහිත සාම්ප්‍රදායික වාහනවලට වඩා ලාභදායී වන බව සඳහන් වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම