ආයෝජන මෙන්ම අපනයන ගමනාන්තයක් ලෙසට චීනය සතුව ඇත්තේ සුවිශේෂී ස්වභාවයක්
2024-04-24 09:23:16
Share with:

චීන වෙළෙඳපොළේ ශක්තිය සහ එහි ආයෝජනය කිරීමේ වාසි පිළිබඳව සාකච්ඡා කිරීමේදි ඕනෑම රටක් චීනයේ ආයෝජන කිරීම අනාගත ආයෝජනයක් බවට සිතීම ඉතා පැහැදිලි කරුණක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පවසයි. ඊට හේතුව චීන ආර්ථීකය වත්මන් ලෝකයේ බලවත්ම ආර්ථික ස්ථාවරත්වයක් ඇති රටක් බවට පත් ව තිබීමය. චීනය ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රටකි. නිෂ්පාදනය, වෙළෙඳාම සහ පරිභෝජනය මත ආර්ථික කටයුතු  තීරණය  කිරීමේ දී මෙම ජනගහන සාධකය ඉතා වැදගත්ය. එම වාසි මත ලෝකයේ සෙසු ආර්ථිකමය පසුබැසීමකට ලක්වූ රටවලට ද චීනය සමඟ ගනුදෙනු වර්ධනය කිරීමෙන් ආර්ථිකමය වාසි රැසක් අත් පත් කරගත හැකි බව මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පෙන්වා දෙයි.

චීනය මෑත වසරවල විදේශ ආයෝජන නව නීති ක්‍රියාත්මක කරමින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව ශක්තිමත් කර ඇති රටකි. චීනය විදේශයන් තුළ මහ පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් ද ආ‍යෝජන සිදු කරමින් සිටී. විදේශ ආ‍යෝජන ආකාර්ශණයෙන් මෙන්ම බාහිර ආයෝජන සිදු කිරීමෙන් ද චීනය ඉදිරියෙන් සිටින රටකි.

චීන වෙළෙඳපොළ අපනයන වෙළෙඳපොළක් ලෙස විශාල ලෙස විවෘත කර ගැනීමෙන් වාසි රැසක් අත් කර ගත හැකි බවද හෙතෙම සඳහන් කරයි. එම කරුණු සැලකීමේ දී ආයෝජන මෙන්ම අපනයන ගමනාන්තයක් ලෙසට චීනය සතුව ඇත්තේ සුවිශේෂී ස්වභාවයක් යැයිද මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම