චීන ජනපතිගෙන් චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රටවල අභ්‍යවකාශ සහයෝගිතා සංසදයට සුබපැතුම්
2024-04-24 10:40:46
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළමු චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් රටවල අභ්‍යවකාශ සහයෝගිතා සංසදය වෙත සුබපැතුම් ලිපියක් යොමු කරයි. මෙම සංසදය අද (24) චීනයේ Hubei පළාතේ Wuhan නගරයේදී ආරම්භ විය.

තමා සහ ලතින් ඇමරිකානු නායකයින් එක්ව ප්‍රකාශයට පත් කළ චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් සංසදය පිහිටුවීමේ 10 වැනි සංවත්සරය මෙම වසරේ සනිටුහන් වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. පසුගිය වසර 10 තුළ, චීන-ලතින් ඇමරිකා සහ කැරිබියන් සංසදයේ රාමුව තුළ, චීනය සහ ලතින් ඇමරිකා සහ කැරිබියන් රටවල් අතර මිත්‍රශීලී සහයෝගීතාව විවිධ ක්ෂේත්‍රවල වර්ධනය වී ඇත. මෑත වසරවලදී, චීනය සහ ලතින් ඇමරිකා සහ කැරිබියන් රටවල් අතර අභ්‍යවකාශ සහයෝගීතාව ඵලදායි ප්‍රතිඵල ලබා ගෙන ඇත. දුරස්ථ සංවේදී චන්ද්‍රිකා, සන්නිවේදන චන්ද්‍රිකා සහ ගැඹුරු අභ්‍යවකාශ මධ්‍යස්ථාන ජාල යන ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ නව ප්‍රගතියක් දෙපාර්ශ්වයම අඛණ්ඩව අත්කර ගෙන ඇත. චීනය සහ ලතින් ඇමරිකා සහ කැරිබියන් රටවල් අතර ඉහළ මට්ටමේ අභ්‍යවකාශ සහයෝගිතා හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීමට සහ දෙපාර්ශ්වයේම ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීම සඳහා අභ්‍යවකාශ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමට ලතින් ඇමරිකා සහ කැරිබියන් රටවල් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම