චීන ලක්ෂණවලින් යුත් නවීකරණයේ Chongqing පරිච්ඡේදය නිර්මාණය කිරීමට කැප විය යුතු බව චීන ජනපති පවසයි
2024-04-24 17:05:50
Share with:

රටේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය තවදුරටත් පුළුල් ලෙස ගැඹුරු කරමින් චීන ලක්ෂණවලින් යුත් නවීකරණයේ Chongqing පරිච්ඡේදය නිර්මාණය කිරීමට කැප විය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

පසුගිය 22 වැනිදා සිට අද (24) දක්වා ෂී ජින් පිං මහතා Chongqing නගරයේ සැපයුම් උද්‍යානය, නාගරික ප්‍රජාවන් සහ ඩිජිටල් නගර මෙහෙයුම් සහ පාලන මධ්‍යස්ථානය ඇතුළු විවිධ ස්ථානවල නිරීක්ෂණයන් සිදු කර ඇත. ඒ අතරම, ඔහු  Chongqing නාගරික රජයේ වැඩ වාර්තාවලට සවන් දුන් අතර එහි විවිධ කාර්යයන්හි ජයග්‍රහණ තහවුරු කළේය.

Chongqing නගරයේ නිෂ්පාදන කර්මාන්තයේ යහපත් පදනමක් පවතින බවත්, දියුණු නිෂ්පාදනයේ ප්‍රධානත්වය සහිත නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගිය යුතු බවත් ෂී ජින් පිං මහතා එම අවස්ථාවල පෙන්වා දුන්නේය. සාම්ප්‍රදායික කර්මාන්තවල පරිවර්තනය වේගවත් කරමින්, ජාත්‍යන්තරව උසස් මට්ටම් සහ තරඟකාරීත්වය සහිත උපායමාර්ගික භාවයෙන් යුත් නැගී එන කර්මාන්ත ප්‍රවර්ධනය කළ යුතු බව ද ඔහු කීය.

රටේ ප්‍රධාන උපායමාර්ගවලට Chongqing නගරය ක්‍රියාකාරීව ඒකාබද්ධ විය යුතු අතර, "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ සහ යැංසි ගංගා ආර්ථික තීරය ප්‍රවර්ධනය කිරීමේදී වඩා වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අපේක්ෂාව පළ කර ඇත. ඉහළ ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තර ආර්ථික සහ වෙළඳ නීති සමඟ පෙළගැසී, වෙළඳපොළ-නැඹුරු, නෛතික, ජාත්‍යන්තර පළමු පන්තියේ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට Chongqing නගරය උත්සාහ කළ යුතු බව ද ඔහු කීය.

වඩාත් බුද්ධිමත්, ඵලදායී සහ නිරවද්‍ය නාගරික පාලනයක් සඳහා, Chongqing නගරය මහජන නගර සංකල්පය ගැඹුරින් ක්‍රියාත්මක කරමින් මෙගාසිටි නවීකරණයේ නව ක්‍රම ගවේෂණය කළ යුතු බව  ෂී ජිං පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම