පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තිරසර සටන් විරාමයක් කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රංශය යළි අවධාරණය කරයි
2024-04-23 10:39:10
Share with:

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර කෙරෙහි ප්‍රංශයේ දැඩි විරෝධය පළ වේ. ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා සමඟ ඊයේ (22) පැවැත්වූ දුරකථන සංවාදයක දී යළිත් අවධාරණය කළේ, පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තිරසර සටන් විරාමයක් කඩිනමින් ප්‍රකාශයට පත් කළ යුතු බව යි.

ගාසා තීරය අතිශය හදිසි මානුෂීය අර්බුදයකට මුහුණ පා සිටින බවත්, රෆා නගරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් ගාසා තීරයේ තත්වය තවදුරටත් අයහපත් වනු ඇති බවත් Emmanuel Macron මහතා පෙන්වා දුන්නේය. කලාපයේ තිරසර සාමය සහතික කිරීමේ එකම මාර්ගය ලෙස “ද්වි-රාජ්‍ය විසඳුම” ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.

ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරේ යුදෙව් පදිංචිකරුවන්ගේ දිනෙන් දින ඉහළ යන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සහ ප්‍රහාර දැඩි ලෙස හෙළාදකින ප්‍රංශ ජනාධිපතිවරයා එවැනි ක්‍රියා නතර කරන ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් සහ “ද්වි-රාජ්‍ය විසඳුම” මත පදනම් වූ සාමයේ දැක්ම අවතක්සේරු කරමින් ජනාවාස ඉදිකිරීම නතර කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම