ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීතිවලට අවනතව අතිරේක තීරුබදු පැනවීම අවලංගු කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-04-23 18:33:39
Share with:

ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි සැබෑ ලෙස අනුගමනය කරමින් චීනයට එරෙහිව පනවා ඇති අතිරේක රේගු බදු සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(23) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය. 

අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගැනීම චීන-ඇමරිකා ආර්ථික වෙළඳ සබඳතාවේ සාරය වන අතර වෙළඳ යුද්ධයක ජයග්‍රාහකයින් නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය. 

චීනයට එරෙහිව ඇමරිකාව අංක 301 වගන්තිය අනුව විමර්ශන ක්‍රියාත්මක කිරීමෙන් චීන-ඇමරිකා නිසි ආර්ථික වෙළඳ හුවමාරුවට දැඩි හානි සිදු වන අතර දෙරටේ ව්‍යවසායන්ට විශේෂයෙන්ම ඇමරිකානු පාරිභෝගිකයන්ගේ ප්‍රතිලාභවලට ද හානි සිදු වනු ඇත. එමෙන්ම එය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් ලෙස එම සංවිධානය විසින් නියම කර ඇත. චීනය සිය අයිතිවාසිකම් දැඩි ලෙස සුරක්ෂිත කරන අතර අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය පියවර ගනු ඇතැයිද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම