විධිමත් චීන-රුසියා ආර්ථික වෙළඳ සබඳතාවය විනාශ කිරීමට ඇමරිකාවට ඉඩ නොදෙන බව චීනය පවසයි
2024-04-23 20:22:51
Share with:

 ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විධිමත් චීන රුසියා වෙළඳ සම්බන්ධතාවයට චෝදනා කිරීම පිළිබඳව දැඩිව විරුද්ධ වන බව චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කළේ අද(23) පැවති මාධ්‍ය හමුවකදීය. රුසියාවේ කාර්මික සංවර්ධනය යළි ගොඩනැගීමට සහායක් වශයෙන් චීනය අඛණ්ඩව එරටට චිප් හා කෲස් මිසයිල එන්ජින් ඇතුළු වැදගත් තාක්ෂණික භාණ්ඩ අපනයනය කිරීම කෙරෙහි,  ඇමරිකාව හා සන්ධාන රටවල් අතෘප්තිමත් වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, සිය චීන සංචාරය තුළදී චීනයට ප්‍රකාශ කරනු ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව වං වෙන්බින් මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත.

චීනය හැම විටම නීතියට හා රෙගුලාසියට අනුව සිවිල්-හමුදාමය ද්විත්ව භාවිත භාණ්ඩවල අපනයනය සීමා  කර ඇත. සමානාත්මතාව හා අන්‍යෝන්‍ය වාසිය පිළිබඳ පදනම මත රුසියාව ඇතුළු ලෝකයේ සියළු රටවල් සමග විධිමත් ආර්ථික වෙළඳ සම්බන්ධතාවය පවත්වා ගැනීම චීනයේ සාධාරණ අයිතියක් වන අතර එම අයිතිය විනාශ කිරීමට චීනය ඉඩ නොදෙන බව ද වං වෙන්බින් මහතා කියා සිටියේය. 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම