උසස් හමුදා නිලධාරීන් ඉල්ලා අස්වීමත් සමග ඊශ්‍රායල රජය දැඩි පීඩාවක
2024-04-23 11:48:35
Share with:

ඊශ්‍රායල හමුදාවේ උසස් පෙළේ නිලධාරීන් අඛණ්ඩ ව ඉල්ලා අස්වීමත් සමග එරට රජය දැඩි පීඩාවකට ලක් වෙයි.

ඊඊශ්‍රායලයේ මධ්‍යම විධානයේ අණදෙන නිලධාරි, මේජර් ජනරාල් Yehuda Fox ලබන අගෝස්තු මාසයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඉදිරිපත් කර විශ්‍රාම ගන්වන ලෙස දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය ඊයේ (22) වාර්තා කළේය. මේ අතර, ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදාව එදින ම නිවේදනය කර තිබුණේ හමුදා බුද්ධි තොරතුරු කාර්යාංශ ප්‍රධානි, මේජර් ජනරාල්  Aharon Haliva මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ බවයි. මේ දෙදෙනාගේ ඉල්ලා අස්වීම් අතර ඍජු සම්බන්ධයක් නැති බව ද වාර්තා වී තිබේ.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින වත්මන් ගැටුම්වල දී Hamas සංවිධානයේ ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් හෝ ප්‍රතිචාර දැක්වීම් නිසි ලෙස කළ නොහැකි වීම හේතුවෙන් ඊශ්‍රායල රජය හා හමුදාව දේශීය වශයෙන් තදබල ‍විවේචනයන්ට ලක් ව ඇත. එසේම, ගාසා තීරයේ ගැටුම් උග්‍ර වීම, මිය ගිය හා තුවාල ලැබූ සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව අඛණ්ඩ ව ඉහළ යාම මෙන් ම රඳවාගනු ලැබ සිටින පුද්ගලයන් බේරා ගැනීමේ ක්‍රියාදාමය අඩාල වීම නිසා ඊශ්‍රායල රජය ජාත්‍යන්තර වශයෙන් ද දැඩි පීඩාවකට සහ අප්‍රසාදයට ලක් ව සිටී.  අග්‍රාමාත්‍ය Benjamin Netanyahu සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඊශ්‍රායලය තුළින් ම  කෙරෙන ඉල්ලීම් ද ඉහළ යමින් පවතී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම