නව යුගයේ බටහිර ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ චීන ජනපතිගේ විශේෂ අවධානය
2024-04-23 20:43:01
Share with:

විශාල පරිමාණයේ සුරක්ෂිත කිරීම්, විවෘතභාවය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව ව්‍යුහය බිහි කළ යුතු යැයි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ ප්‍රධානත්වයෙන් අද(23) පස්වරුවේ Chongqing නගරයේ පැවති නව යුගයේ චීන බටහිර ප්‍රදේශයේ විශාල පරිමාණ සංවර්ධනය සඳහා දිරි ගැන්වීමට පැවති සාකච්ඡාවට එක් වෙමිනි. ඔහු එහිදී වැදගත් දේශනයක් ද සිදු කළේය. බටහිර ප්‍රදේශය රටේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනයේ ඉතා වැදගත් ස්ථානයක පවතින බව ෂී ජින්පිං මහතා පැවසීය.චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බටහිර ප්‍රදේශ‍යේ මහා පරිමාණ සංවර්ධනය සඳහා සකස් කළ ප්‍රතිපත්ති සෑම විටම ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කළ යුතු ය. ඒ අනුව විශාල පරිමාණ සුරක්ෂිත කිරීම්, විවෘතභාවය හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයේ නව ව්‍යුහය බිහි කළ යුතුය. ප්‍රාදේශීය සමස්ත ශක්තිය හා තිරසර සංවර්ධනයේ හැකියාව ඉහළ නංවා චීන ලක්ෂණයන් සහිත නවීකරණ සංවර්ධනය තුළ එම ප්‍රදේශ‍යේ නව සංවර්ධන පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

ලක්ෂණයන් සහිත වාසිදායික කාර්මාන්ත සංවර්ධන‌යේ ප්‍රධාන දිශාව ලෙස අනුගමනය කරමින් ප්‍රාදේශීය තත්ත්වයට ගැලපෙන නව කර්මාන්ත සංවර්ධනය කළ යුතු ය. අධි ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට අනුබල දීම ස්ථිරව අනුගමනය කරමින් ජාතික ජෛව සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවද ෂී ජින් පිං මහතා පැවසීය.

බටහිර ප්‍රදේශය දෙස් විදෙස් විවෘතභාවයේ මට්ටම ඉහළ නංවා ගනු ඇත. බලශක්ති සම්පත් වැනි වැදගත් ක්ෂේත්‍රවල ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ හැකියාව වර්ධනය කළ යුතු ය. නව ව්‍යුහයේ නාගරීකරණය හා ග්‍රාමීය ප්‍රදේශ සම්පූර්ණයෙන් පුනරුත්ථාපනය කොට ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කළ යුතු අතර සංවර්ධනයත් සමග ජන ජීවිතය ද යහපත් කළ යුතුය. එමෙන්ම ජාතික සමගිය හා දේශසීමා ප්‍රදේශවල ස්ථාවරත්වය සැබෑ ලෙස සහතික කළ යුතු බවද ෂී ජින්පිං මහතා පැවසිය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම