චීන විදේශ ඇමති සහ කාම්බෝජ අගමැති අතර හමුවක්
2024-04-23 10:34:36
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික විදේශ අමාත්‍ය වං යී මහතා, කාම්බෝජ අග්‍රාමාත්‍ය Hun Manet මහතා හමුවෙයි. එම හමුව Phnom Penh අගනුවර දී ඊයේ (22) පැවැත්විණ.

නව කාම්බෝජ රජයේ කටයුතු නිසි ලෙස ආරම්භ කිරීම සම්බන්ධයෙන් චීනයේ අවංක සතුට පළ කරන බව වං යී මහතා එහිදී පැවසීය. ගෙවී ගිය වසරේ Hun Manet අග්‍රාමාත්‍යවරයා හා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවස්ථා දෙකක දී හමු වූ අතර, පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ හවුලක් ගොඩනැගීමේ ප්‍රයත්න එහිදී තහවුරු කර තිබේ. එසේම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීම චීනයේ අපේක්ෂාවයි. ලෝකය කවර ආකාරයකින් වෙනස් වුව ද, කාම්බෝජයේ සංවර්ධනය වෙනුවෙන් කැපවන චීනයේ විශ්වසනීය මිත්‍රත්වය වෙනස් නොවන බව වං යී මහතා අවධාරණය කළේය.

චීනයේ සංවර්ධනය ඔස්සේ කලාපීය රටවලට වැදගත් අවස්ථා හිමි වී ඇති අතර, කාම්බෝජය ඉන් බොහෝ ප්‍රතිලාභ ලබා ඇති බව අග්‍රාමාත්‍ය Hun Manet මහතා එහිදී පැවසීය. ෂී ජින් පිං ජනාධිපතිවරයා සහ චීන රජය දිගුකාලීනව කාම්බෝජයට ලබාදෙන සහයෝගය වෙනුවෙන් හෙතෙම සිය කෘතඥතාව පළ කළේය. චීනය සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ශක්තිමත් කරමින්, පොදු ඉරණමක් මෙන්ම උසස් ප්‍රමිතියෙන් යුතු චීන-කාම්බෝජ හවුලක් ගොඩනැගීමට තමා සූදානමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම