චීන විදේශ අමාත්‍යවරයා කාම්බෝජයේ නිල සංචාරයක
2024-04-23 17:53:41
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා පසුගිය 21 වැනිදා සිට අද (23) දක්වා කාම්බෝජයේ නිල සංචාරයක නිරත විය.

එම සංචාරයේදී, වං යී මහතා වෙන් වෙන්ව කාම්බෝජයේ Norodom Sihamoni රජු, එරට සෙනෙට් සභාපති Hun Sen මහතා සහ අගමැති Hun Manet මහතා හමු වී ඇත. ඔහු කාම්බෝජයේ උප අගමැති Sun Chanthol මහතා සමඟ චීන-කාම්බෝජ රාජ්‍ය සම්බන්ධීකරණ කමිටුවේ හත්වන රැස්වීම පැවැත්වීය. මේ අතර, හෙතෙම එරටේ උප අගමැති සහ විදේශ අමාත්‍ය Sok Chenda Sophea මහතා සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

චීනය සහ කාම්බෝජය එකිනෙකාට උදව් කරන සමීප මිතුරන් බවට එහිදී දෙපාර්ශ්වයේම එකඟත්වය පළ කෙරිණ. චීන-කාම්බෝජ රාජ්‍ය සම්බන්ධීකරණ කමිටුවේ භූමිකාව ප්‍රවර්ධනය කිරීමටත්, උසස් තත්ත්වයේ, මට්ටමේ සහ ප්‍රමිතියකින් යුත් පොදු ඉරණමක් සහිත චීන-කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැගීමටත් දෙපාර්ශ්වයම කැමැත්ත පළ කළහ. නිදහස්, විවෘත, සාධාරණ, ඇතුළත් සහ විශ්වීය වශයෙන් වාසිදායක බහුපාර්ශ්විකත්වය සහ ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කරනු ඇතැයි දෙරට බලාපොරොත්තු පළ කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම