වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කෙරේ. චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ සංඛ්‍යාලේඛනයන් හි මේ බව දැක්වේ.
මෙම වසරේ රටේ නගර සහ කෝරළවල නව රැකියා මිලියන 12 ක් උත්පාදනය කිරීම චීන රජයේ ඉලක්කය යි. ඒ අනුව, පළමු කාර්තුවේ දී ම අදාළ වැඩසටහන්වලින් හතරෙන් එකක් සම්පූර්ණ කිරීමට හැකි ව තිබීම කැපීපෙනෙන කරුණකි. පසුගිය මාසයේ චීනයේ නාගරික සමීක්ෂණ විරැකියා අනුපාතය 5.2% ක් වූ අතර, රැකියා තත්ත්වය සාමාන්‍යයෙන් ස්ථාවර වී තිබේ.
චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක Chen Feng මහතා පෙන්වා දුන්නේ, මීළඟ පියවරේ දී රැකියා ප්‍රවර්ධන යාන්ත්‍රණය වැඩිදියුණු කරන අතර, වෘත්තීය නිපුණතා පුහුණු ඉහළ නංවන බවයි. එසේම පුද්ගලික ව්‍යවසායන් මගින් “බඳවා ගැනීමේ මාස” වැනි රැකියා සැපයීමේ ක්‍රියාකාරකම් සිදුකෙරෙන අතර, සජීව විකාශ සහ අනෙකුත් ආකෘති ප්‍රවර්ධනය කරන බව ද ඔහු පැවසීය.