උප්පැන්නය නොමැති පුද්ගලයින්ට හැඳුනුම්පත් සෑදීමට අදාළ කාලය දීර්ඝ කෙරේ
2024-04-23 18:47:17
Share with:

උප්පැන්න සහතිකය නොමැතිකම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි, වයස අවුරුදු 40 ඉක්මවූ මෙරට පුරවැසියන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය.

එම පුද්ගලයන්ට හැඳුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වැනිදායින් අවසන් වුවද ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් එම දීර්ඝ කිරීම කළ බවත් උප්පැන්න සහතිකය නොමැති වීමේ හේතුව මත මෙතෙක් ජාතික හැඳුනුම්පත නොගත් පුද්ගලයන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම