උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට හෙට(24) ඉරාන ජනපති දිවයිනට
2024-04-23 18:45:59
Share with:

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන අපේක්ෂාවන් මල්ඵල ගන්වන උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිල වශයෙන් හෙට(24) ජනතා අයිතියට පැවරේ. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියයි.

ඊට සහභාගී වීමට එක් දින නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි මහතා හෙට (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

පසුගිය 2008 වසරේ අප්‍රේල් මාසයේදී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ඇ.ඩො මිලියන 529ක් මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තු කර තිබෙන අතර එයින් සියයට 85ක ප්‍රමාණයක් ඉරාන රජය විසින් සපයා තිබේ. 2010 වසරේ දී ඇරැඹි මෙම ව්‍යාපෘතියෙන් අදියර දෙකක් යටතේ ජාතික විදුලිබල පද්ධතියට, මෙගාවොට් 120ක් එක් කිරීමට නියමිතව තිබෙන අතර ඉන් වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම් 20,000කට පමණ වාරි ජලය සැපයෙනු ඇත. ඊට අමතරව ලුණුගම්වෙහෙර ජලාශය දක්වා සහ කුඩා වැව් 40කට ජලය සැපයීමට ද අපේක්ෂා කරන අතර එම ජලයෙන් කොටසක් ගෘහස්ථ, පානීය සහ කාර්මික අවශ්‍යතා සඳහා ද යොදා ගැනීමට නියමිතය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම