ආසියා-ශාන්තිකර කලාපයට වඩා වැඩි නව අවස්ථා ගෙන එන බව චීනය පවසයි
2024-04-23 18:35:21
Share with:

ආසියා- ශාන්තිකර කලාපයට ඉහළ මට්ටමේ නව අවස්ථා ගෙන ඒමට චීනය කටයුතු කරනු ඇතැයි විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා කියා සිටී. පසුගිය 22 වනදා සිට එළඹෙන 26 වනදා දක්වා එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික සමාජීය 80 වන වාර්ෂික සමුළුවේ අමාත්‍යවරුන්ගේ රැස්වීම තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වෙයි. චීන නියෝජිත කණ්ඩායම ඊට සහභාගී වී සිටී. එම රැස්වීම පිළිබඳව චීනයේ ස්ථාවරය කුමක් දැයි අද (23) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. 

මෙවර වාර්ෂික රැස්වීමේ තේමාව ඩිජිටල් නවීකරණය දිරිමත් කිරීමෙන් ආසියා-ශාන්තිකර කලාපීය තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමයි. එහිදී ගැඹුරු සාකච්ඡා පවත්වා ඒ ඒ පාර්ශ්වයන්ගේ පොදු එකඟතාව අනුව ප්‍රායෝගික සහයෝගතා ජයග්‍රහණ රැසකට එළඹීමට හැකි වනු ඇත. බහුපාර්ශ්විකවාදය සුරක්ෂිත කිරීම, විවෘත සහයෝගතා හා නවෝත්පාදනය මගින් සංවර්ධනය පෙළඹවීම මෙන්ම ආසියා-ශාන්තිකර කලාපයේ තිරසර සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කිරීම යන ප්‍රබල හඬ එහිදී ප්‍රකාශ කෙරෙණු ඇති බව ද වං වෙන්බින් මහතා පැවසීය.

චීනය ආසියා-ශාන්තිකර කලාපයේ වැදගත් සාමාජික රටකි. චීන ලක්ෂණයන් සහිත නවීකරණයේ නව ජයග්‍රහණ මගින් එම කලාපයට වඩා වැඩි නව අවස්ථා ගෙන එනු ඇතැයි විශ්වාස කෙරේ. කලාපීය පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කර ආසියා-ශාන්තිකර කලාපයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාව පොදුවේ ගොඩනැගීමට චීනය උත්සාහ දරනු ඇති බවද හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම