පළමු මාස තුනේ රාජ්‍ය ආදායම කෝටි 83,400ක්
2024-04-23 18:46:39
Share with:

2024 වසරේ පළමු මාස තුන තුළ රාජ්‍ය ආදායම අපේක්‍ෂිත ඉලක්කය 6%කින් ඉක්මවා තිබේ. එම මාස තුන තුළ ලබා ඇති ආදායම රුපියල් කෝටි 83,400 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

අදාළ කාළයේ අපේක්‍ෂිත ආදායම වූයේ රුපියල් කෝටි 78,700කි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 38,100 ක්, සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 5,100 ක් සහ රේගු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 35,300 ක් මෙම වසරේ පළමු මාස තුන තුළ උපයා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම