ඇමරිකාව චීනය සමග එකම දිශාවකට ගමන් කරනු ඇති බවට ඇමරිකාවේ චීන තානාපති වරයා බලාපො‍රොත්තු පළ කරයි
2024-04-22 09:43:56
Share with:

ඇමරිකාව චීනය සමග එකම දිශාවකට ගමන් කරනු ඇති බවට ඇමරිකාවේ චීන තානාපති ශියේ ෆෙං මහතා බලාපො‍රොත්තුව පළ කරයි. ඔහු ඉකුත් 20වැනි දා පැවති Harvard Kennedy චීන සංසදයේ ආරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. චීන හා ඇමරිකානු දේශපාලන, ව්‍යාපාරික හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල නියෝජිතයන්, Harvard විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් , සිසුන්, මෙන්ම ඇමරිකාවේ අධ්‍යාපනය ලබන චීන සිසුහූ ඇතුළු 300කට වැඩි පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

චීන හා ඇමරිකානු රාජ්‍ය නායකයන්  සැන්ෆ්‍රන්සිස්කෝ හිදී පැමිණි එකඟතාවන් අනුව ද්විපාර්ශ්වික සම්බන්ධතා ස්ථාවර, විධිමත් හා තිරසර ආකාරයෙන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඇමරිකාව චීනය සමග එක්ව ප්‍රයත්න දැරිය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය. නව යුගයේ චීනය හා ඇමරිකාවට එකිනෙකා සමග ගනුදෙනු කිරීමට උචිතම ක්‍රමවේදයක් තිබේ. එම ක්‍රමවේදය සොයා ගැනීමේදී අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ ජයග්‍රාහී සහයෝගිතාව මූලධර්ම වශයෙන් ගත යුතු ය. එසේම ඇමරිකාව චීනය සමග එකම දිශාවකට ගමන් කරනු ඇති බවට ඇමරිකාවේ චීන තානාපතිවරයා බලාපො‍රොත්තුව පළ කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම