පිලිපීනය යළි යළිත් ප්‍රකෝපකාරීව හැසිරුණහොත්, කලාපීය තත්ත්වය වඩාත් උග්‍ර වනු ඇති බව චීනය පවසයි
2024-04-22 19:28:11
Share with:

පිලිපීනය යළි යළිත් ප්‍රකෝපකාරීව හැසිරුණහොත්, කලාපීය තත්ත්වය වඩාත් උග්‍ර වනු ඇති අතර එරට අයහපත් ප්‍රතිඵලයකට මුහුණ පානු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(22) මේ බව ප්‍රකාශ කළේ බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය ‍හමුවේදීය. වත්මන් පිලිපීන රජය, චීනය සමග පොරොන්දුවක් හෝ ගිවිසුමක් හෝ පිළිබඳව නොදන්නා බවත් පැවති රජය චීනය සමග එවැනි පොරොන්දුවකට හෝ ගිවිසුමකට පැමිණ තිබුණේ නම් එය අවලංගු කර ඇති බවත් පිලිපීන ජාතිකාරක්ෂක උපදේශක  Eduardo Ano පසුගියදා(20) සඳහන් කළේය. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය කුමක් දැයි මාධ්‍යවේදියෙක් මාධ්‍ය හමුවේදී ප්‍රශ්ණ කළේය.

රෙන්අයි ගල්පරයේ ගැටළුව සම්බන්ධයෙන් චීනය හා පිලිපීනය එකඟතාවන්ට පැමිණ ඇතැයි ද එම එකඟතාවන් පවතින්නේ පිලිපීනයේ පැවති රජයන්හි කාල වකවානුවල පමණක් නොව, වත්මන් පිලිපීන රජයේ සේවා කාලයේදී යැයි ද වං වෙන්බින් මහතා කීය. සාක්ෂි රැසක් ඇති එම සත්‍යය පිලිපීනය විසින් යළි යළිත් නිෂේධ කර ඇත. එහෙත් සිය පොරොන්දු කඩා බිඳ දමා යළි යළිත් ප්‍රකෝපකාරීව හැසිරුණහොත්,  කලාපීය තත්ත්වය වඩාත් උග්‍ර වීම හා එරටට අයහපත් ප්‍රතිඵලයකට මුහුණදීමට පමණක් සිදු වන බව ද ඔහු අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම