චීන විදේශ ඇමතිවරයා හා කාම්බෝජ රජු අතර හමුවක්
2024-04-22 09:40:39
Share with:

චීනය සැමවිටම කාම්බෝජයේ වඩාත් විශ්වාසවන්ත හවුල්කරුවෙකු සහ ශක්තිමත් සහාය දක්වන්නෙකු බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි.

කාම්බෝජයේ‍ නෝරෝඩුම් සිහමොනි රජු හමුවූ අවස්ථාවේදී හෙතෙම මේබව පැවසීය. චීන විදේශ ඇමතිවරයා කාම්බෝජයේ සංචාරයක නිරතවෙමින් සිටී. කාම්බෝජයේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දෙන නොමසුරු සහාය හා ආධාර කාම්බෝජයේ අගය කිරීමට ලක්වන බවද සිහමොනි රජු එහිදී සඳහන් කළේය. එය කාම්බෝජ චීන පොදු අනාගතයක් නිර්මාණය කිරීමට ශක්තිමත් බලයක් සපයන බවද හෙතෙම කීය. කර්මාන්ත සංවර්ධන කොරිඩෝව සහ මත්ස්‍ය හා සහල් ‍කොරිඩෝව නිර්මාණය ඉදි කිරීම කාම්බෝජ ආර්ථික වර්ධනය තවදුරටත් වර්ධනය කරනු ඇතැයි ද කාම්බෝජ රජු විශ්වාසය පළ කළේය. එකම චීනය ප්‍රතිපත්තියෙහි අඛණ්ඩව එල්බ සිටින කාම්බෝජය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩ නැංවීමට සහ චීනය ඉදිරිපත් කර ඇති ප්‍රධාන ගෝලීය මුලපිරුම් තුන සඳහා ක්‍රියාකාරී සහයෝගයක් ලබාදෙන බවද හෙතෙම පැවසීය.

එහිදී අදහස් දැක්වූ චීන විදේශ ඇමතිවරයා පැවසුවේ දෙරටේ රාජ්‍ය නායකයන් ගේ මාර්ගෝපදේශනය යටතේ පොදු ඉරණමක් සහිත චීන කාම්බෝජ ප්‍රජාවක් ගොඩනැංවීම ඉහළ ගුණාත්මක, ඉහළ මට්ටමක හා ඉහළ ප්‍රමිතියක නව අදියරක් වෙත ප්‍රවේශවී ඇති බවයි. දෙරටේ නායකයන් එළඹි උපාය මාර්ගික එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සඳහා කාම්බෝජය සමඟ ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද වන්ග් යී මහතා පැවසීය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම