ආක්‍රමණශීලී ඉතිහාසයෙන් ඉවත් වෙන ලෙස චීනය ජපානයෙන් ඉල්ලයි
2024-04-22 19:23:36
Share with:

සිය ආක්‍රමණශීලී ඉතිහාසයේ ප්‍රතිවිපාක නිසි ලෙස තේරුම්ගෙන රණපරමවාදයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(22) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරුන් දෙපළ ඊයේ(21) යසුකුනි ස්මාරකයට උපහාර පුද කිරීම පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

ජපාන රණපරමවාදය විදේශ රටවල ආක්‍රමණශීලී යුද්ධ දියත් කිරීමට දැඩිව වගකිව යුතු අපරාධකරුන්14 දෙනෙකුගේ නාම පුවරු යසුකුනි ස්මාරකයේ තැන්පත් කර ඇත. 

යසුකුනි ස්මාරකය හා සම්බන්ධ ජපානයේ නිෂේධාත්මක ක්‍රියාවන් කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කර තිබේ. සිය ආක්‍රමණික ඉතිහාසය නිසි ලෙස වටහාගෙන ඊට පෙර ලබා දුන් ප්‍රතිඥාව අනුගමනය කරමින් ක්‍රියා කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලීමක් කරයි. රණපරමවාදය හා සම්බන්ධතාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී සැබෑ ක්‍රියාවන් මගින් සිය ආසියානු අසල්වාසීන් හා ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාස දිනා ගන්නා ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම