ලොව මිල අධිකම Silver tips තේ වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
2024-04-22 16:25:36
Share with:

මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස පළමුවරට හඳුන්වා දීම දකුණු පළාතේ කටුවන දී ආරම්භ කෙරේ. 

ඒ අනුව වලස්මුල්ල හා ඔකේවෙල යන ප්‍රදේශවල , එක් ප්‍රදේශයක පවුල් 300ක ගෘහණියන් තෝරාගෙන ඔවුන්ට මේ සඳහා භාවිතයට ගන්නා 20/43 නමැති තේ පැළ හා වගාව සඳහා අවශ්‍ය උපකරණ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් පිරිනැමිණ.

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ පැළ හා උපකරණ බෙදා දීමට එක් විය. එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් නොමිලයේ සපයයි. මෙම Silver tips තේ කිලෝවක් රුපියල් 50,000ක් පමණ වන අතර තේ වගාව ආරම්භ කර වසරකට පසු මෙම ගෘහණියන්ට තම මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට හැකිවනු ඇත.


ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම