ජිනීවා ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනයේදී චීන නව නිපැයුම් රැසකට සම්මාන
2024-04-22 09:57:57
Share with:

ජිනීවා ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනයේදී චීන නව නිපැයුම් 70ක් රන් සම්මාන දිනා ගනී.

49 වැනි ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනය ඊයේ(21) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනයට සහභාගී වූ චීන නියෝජිත පිරිස නව නිපැයුම් 197ක් සමඟින් රන් සම්මාන 70ක් සහ රිදී සම්මාන 97ක් දිනා ගෙන ඇත.

චීනයේ විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පෘථිවි හා අභ්‍යවකාශ විද්‍යා ආයතනයේ "වායුගෝලීය බහු-පරාමිති ප්‍රෝටෝන ලයිඩර් ගවේෂණය" ව්‍යාපෘතිය රන් සම්මානය සහ "ජිනීවා ජනරජ හා ප්‍රාන්ත රජයේ සම්මානය" යන මෙම නව නිපැයුම් ප්‍රදර්ශනයේ විශේෂ සම්මානය දිනා ගත්තේය.

ජිනීවා ජාත්‍යන්තර නව නිපැයුම් ප්‍රදර්ශනය පසුගිය 70 දශකයේ සිට පැවැත්වෙන ප්‍රදර්ශණයකි. එය ලොව දීර්ඝතම ඉතිහාසයක් සහිත නව නිපැයුම් ප්‍රදර්ශනයක් ලෙසට සැලකේ. මෙවර ප්‍රදර්ශනයට ලොව පුරා නව නිපැයුම් 1000 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් ක‍ර ති‍බිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම