ජපානය සිය පෙළ පොත්වල ඉතිහාසය විකෘති කිරීම 80%ක් හෙළා දකියි
2024-04-22 20:12:17
Share with:

ජපාන යුද ක්‍රියාකාරකම් වෙනස් කරමින් එහි ඉතිහාස පෙළ පොත්වල නව අනුවාදයක් රජය විසින් අනුමත කිරීම පිළිබඳව බොහොමයක් රටවල් සිය අසතුට පළ කර ඇත. CGTN විසින් කරන ලද මාර්ගගත සමීක්ෂණයකට අනුව ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80ක%කට වඩා (82.45%) ජපන් රජය එහි ආක්‍රමණශීලී ඉතිහාසය කෙරෙහි දක්වන ආකල්ප සහ භාවිතයන් දැඩි ලෙස හෙළා දැක තිබේ.

සමීක්ෂණයේ දී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95.35% ක් මූලික ඓතිහාසික කරුණුවලට ගරු කරන ලෙස ජපාන රජයෙන් ඉල්ලා ඇත. ආක්‍රමණ ඉතිහාසය වසන් කිරීමට සහ එය සුන්දර ලෙස ඉදිරිපත් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් කෙරෙහි විමසිලිමත් විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

සමීක්ෂණයේදී, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 91.82% ක් විශ්වාස කරන්නේ ජපානය ඉතිහාස පෙළපොත්හි සඳහන් පරිදි අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීමේ අතීතය හේතුවෙන් දැනට වඩාත් ප්‍රවේශම් විය යුතු බවයි. ඔවුන්ගෙන් 90.26%ක් “සන්තර්පණය කරන කාන්තාවන්”සහ කම්කරුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ජපාන රජය සමාව ඉල්ලා සිටිය යුතු අතර ඊට වන්දි ගෙවිය යුතු බවට විශ්වාසය පළ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම