ගැටුමකික් මුදල් ඉපයීම ඇමරිකාවේ එකම අරමුණ යැයි සිරියානු ජනපතිගෙන් චෝදනා
2024-04-22 10:14:50
Share with:

කවර හෝ ගැටුමකින් මුදල් ඉපයීමෙන් පසු ඊට සැලකිල්ලක් නොදක්වා සිටීම ඇමරිකාවේ පුරුද්ද බව සිරියානු ජනාධිපතිවරයා පවසයි.

සිරියානු ජනාධිපති Bashar al-Assad මහතා පසුගිය දා මේ බව පැවසුවේ රුසියානු C1R රූපවාහිනී නාලිකාව අමතමිනි.

ඇමරිකාව කවර හෝ ගැටුමක් නිදන්ගත රෝගයක් බවට පත් කරන බව හෙතෙම සඳහන් කරයි. වත්මන් පලස්තීන-ඊශ්‍රායල ගැටුම උග්‍ර වීමේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපතිවරයා ඕනෑම ගැටුමකදී ඇමරිකාව ප්‍රමුඛත්වය ලබා දෙන්නේ මුදල් ඉපයීමට බව සඳහන් කරයි. අනතුරුව ඒ පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් තත්ත්වය නරඹමින් තමන්ට හිතකර මොහොත පැමිණෙන තුරු බලා සිටින බවද සිරියානු ජනාධිපතිවරයා පවසයි. ජාත්‍යන්තර කටයුතුවලදී ඇමරිකාව වරින් වර මතභේද ඇති කරමින් යම් යම් පාර්ශ්වයන් පාලනය කරන අතර, තර්ජනයෙන් බිය ගැන්වීමෙන් සිය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයක නිරතවෙයි. බටහිර රටවල් සම්පූර්ණයෙන් ම ඇමරිකාව අනුගමනය කරමින් සිටී. වර්තමානයේ දී වුවද බටහිර රටවල කිසිම දේශපාලනඥයෙකු සමග තමා සංවාද පැවැත්වීමට කැමැත්තක් නොදක්වන බව ද Bashar al-Assad මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම