ගෝලීය ආරක්ෂක මුලපුරුම ජාත්‍යන්තර ආරක්ෂක හිඟය තුරන් කිරීමට දායක වනු ඇතැයි අවධාරණය කෙරේ
2024-04-22 10:52:43
Share with:

2022 වසරේ අප්‍රේල් 21 වැනිදා, Boao ආසියා වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයේදී ප්‍රථම වරට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ගෝලීය ආරක්ෂක මුලපුරුම  යෝජනා කළේය. ඉන් ගෝලීය සාම හිඟය පියවා ගැනීමට සහ ආරක්ෂක  ගැටළු විසඳීමට චීන විසඳුමක් සපයා ඇත.

පසුගිය දෙවසර පුරාවට චීනය සියලු පාර්ශ්ව සමඟ අත්වැල් බැඳගනිමින් ගෝලීය ආරක්ෂක මුලපිරුම ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කර ඇති අතර ඉන් ජාත්‍යන්තර ආරක්ෂක හිඟය තුරන් කිරීමට චීනයේ දායකත්වය ලබා දී ඇති බව ජාත්‍යන්තර විද්වත්හූ පෙන්වා දෙති.

ලෝකය අභියෝග රැසකට මුහුණ දීමේදී ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරුම යෝජනා කර ඇති අතර මෙම මුලපිරුම අගය කරන බව ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ පාකිස්තාන විශේෂඥයකු වන Sultan Khali මහතා ප්‍රකාශ කළේය. සෞභාග්‍යය සහ සංවර්ධනය ළඟා කර ගත හැක්කේ ආරක්ෂාව තුළ පමණක් බව හෙතෙම සඳහන් කළේ ය.

ජනාධිපති ෂී ජින්පිං මහතා යෝජනා කළ ගෝලීය ආරක්ෂක මුලපිරුමෙන් පොදු ආරක්ෂාව අපේක්ෂා කෙරෙන අතර ගැටුමට වඩා එය නව ආරක්ෂක සංවාද මාර්ගයක් බව කටාර් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා ආයතනයේ මහාචාර්ය Khair Diabat මහතා පැවසීය. මුලපිරුමට තමා පූර්ණ සහාය දක්වන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම