ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව හෙට(23) තැන්පත් කෙරේ
2024-04-22 16:26:44
Share with:

ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ හෙට (23) තැන්පත් කෙරේ.  කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා එම ප්‍රතිමාව වැඩම කිරීම පසුගිය දා ආරම්භ කෙරිණ. 

ලෝහමය සමන් දේව ප්‍රතිමාව ටොන් එකක බරකින් සහ ඇත් රජුගේ ප්‍රතිමාව ටොන් එකක බරකින් යුක්ත බවත්, මෙම ප්‍රතිමා නිර්මාණය කිරීම පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ලැබුණ මුල්‍ය අනුග්‍රහය මත සිදු කළ බවත් කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන් පැවසූහ. 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම