මාලදිවයින් මැතිවරණ කොමිසමේ මූලික සංඛ්‍යාලේඛනවලට අනුව, එරට ජනාධිපති Mohamed Muizzu මහතාගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමි කරගන්නා බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථකව පැවැත්වීම පිළිබඳව මාලදිවයිනට සුබ පතන බවත්, මාලදිවයින් ජනතාවගේ තේරීමට පූර්ණ ලෙස ගරු කරන බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කීය.
මාලදිවයින සමඟ සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගනිමින්, විවිධ සහයෝගීතා සහ චීන-මාලදිවයින් විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ගැඹුරු කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. පොදු ඉරණමක් සහිත චීන-මාලදිවයින් ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම මගින් දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව Wang Wenbin මහතා කියා සිටියේය.