ඇමරිකාවේ 301 වගන්තිය විමර්ශනය අසාධාරණ සහ පදනම් විරහිත බව චීනය පවසයි
2024-04-21 18:49:26
Share with:

ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය පසුගිය දා 301 වගන්තිය විමර්ශනය ආරම්භ කිරීම අසාධාරණ සහ පදනම් විරහිත බව චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය පෙන්වා දෙයි.

වෙළඳපොළ සංවර්ධන අවශ්‍යතා අනුව චීනය, සමුද්‍රීය, සැපයුම් සහ නැව් තැනීමේ ව්‍යවසායන් හා තාක්ෂණික නවෝත්පාදන සක්‍රිය අයුරින් සිදු කරන අතර, වෙළඳපොළ තරඟයට එක් ව සිටී. චීනයේ මෙම ක්ෂේත්‍රය ගෝලීය වෙළඳාමේ සංවර්ධනය සහතික කිරීමට මෙන්ම, ගෝලීය සැපයුම් දාමයේ ස්ථාවර හා ආරක්ෂිත ක්‍රියාකාරිත්වයට ද වැදගත් දායකත්වයක් දක්වයි.

මීට අදාළව ඇමරිකානු පර්යේෂණ වාර්තා පෙන්වා දී ඇත්තේ, ඇමරිකාවේ කර්මාන්ත වෙළඳපොළේ තරඟකාරීත්වයක් නොමැතිකම ඔවුන්ගේ සමුද්‍ර, සැපයුම් සහ නැව් තැනීමේ කර්මාන්ත අංශ මුහුණ දෙන දුෂ්කරතාවයන්ට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි. ඇමරිකාවේ නැව් තැනීමේ කර්මාන්තයේ පරිහානිය සහ චීනයේ නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් අතර කිසිදු හේතු සම්බන්ධයක් නොමැත.

ඇමරිකාව වෙළඳපොළ ආර්ථිකයේ නීති සහ සාධාරණ තරඟකාරිත්ව මූලධර්මයට ගරු කළ යුතු අතර, 301 විමර්ශනයේ වැරදි භාවිතය වහාම නැවැත්විය යුතු බව චීනය  කියාසිටී. එසේම ඇමරිකාව නීති මත පදනම් වූ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියක් යළි ගොඩනැගිය යුතු අතර, ගෝලීය කාර්මික සහ සැපයුම් දාමවල ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සුමට ක්‍රියාකාරීත්වය ඒකාබද්ධව පවත්වාගෙන යා යුතු ය.

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය සහ චීන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, චීනයේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් මෙලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම