“ ප්‍රවීණයන්ගේ කටයුතු පිළිබඳ ෂී ජින් පිං මහතාගේ අදහස්”මැයෙන් ග්‍රන්ථයක්
2024-04-21 18:49:40
Share with:

“ ප්‍රවීණයන්ගේ කටයුතු පිළිබඳ ෂී ජින් පිං මහතාගේ අදහස්”මැයෙන් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කෙරේ.

  චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසය පැවැත්වීමේ සිට මේ දක්වා ෂී ජින් පිං ජනාධිපතිවරයා ප්‍රමුඛ පක්ෂ මධ්‍යම කාරක සභාව රටේ විවිධ ක්ෂේත්‍රයන් හි ප්‍රවීණයන් කෙරේ ඉහළ අවධානයක් යොමු කර ඇත. විද්‍යාව හා තාක්ෂණය රටක ප්‍රමුඛතම නිෂ්පාදන බලවේගය වන අතර, ප්‍රවීණයන් රටක මූලික සම්පත යි. ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් යුත් චීන කොමියුනිස්ට් පක්ෂය නව යුගයට සරිලන ප්‍රවීණයන් ගොඩනැගීම  හා ඔවුන් ශක්තිමත් කිරීම වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කර ඇත.

“ ප්‍රවීණයන්ගේ කටයුතු පිළිබඳ ෂී ජින් පිං මහතාගේ අදහස්”ග්‍රන්ථය කොටස් 7කින් සමන්විත වේ.  2012 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා වාර්තා, දේශන, උපදෙස්, නියෝග, සුබ පැතුම් පණිවිඩ සහ ලිපි මගින් ෂී ජින් පිං මහතා නව යුගයේ ප්‍රවීණයන්ගේ කටයුතු පිළිබඳව පළ කළ අදහස් එම ග්‍රන්ථයට ඇතුළත් ය. ඒ අතරින් ඇතැම් අදහස් ප්‍රථම වරට මෙම කෘතියේ ප්‍රකාශයට පත් කර තිබීම  විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම