චීන මාධ්‍ය සමූහය සහ ශැංහයි ප්‍රවාහන විශ්වවිද්‍යාලය අතර කෘත්‍රිම බුද්ධි උපායමාර්ගික සහයෝගීතා ගිවිසුමක්
2024-04-21 17:28:49
Share with:

චීන මාධ්‍ය සමූහය සහ ශැංහයි ප්‍රවාහන විශ්වවිද්‍යාලය කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ උපායමාර්ගික සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි. එය ඊයේ (20) සිදුකෙරිණ.

ශැංහයි උපනගරාධිපති Liu Duo මහතා සහ චීන මාධ්‍ය සමූහයේ ශැංහයි මූලස්ථාන ප්‍රධානි Chen Yongqing මහතා ඇතුළු නියෝජිත පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

චීන මාධ්‍ය සමූහය "5G+4K සහ 8K+AI" යන උපායමාර්ගික ක්‍රමවේද කෙරෙහි ඍජු අවධානය යොමු කරමින්, "දෘෂ්ටිවාදය, කලාව සහ තාක්ෂණය" සුසංයෝග කිරීමේ ප්‍රවණතාව ප්‍රවර්ධනය කරයි.

මෙම නව ගිවිසුමට අනුව, චීන මාධ්‍ය සමූහය සහ ශැංහයි ප්‍රවාහන විශ්වවිද්‍යාලය අතර, විද්‍යාත්මක පර්යේෂණ නවෝත්පාදන, තාක්ෂණ සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ සම්පත් දායකත්වය යන අංශවලින් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ පුළුල් උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කෙරෙනු ඇත. ගිවිසුම්ගත දෙපාර්ශ්වය ගෝලීය සුහුරු මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින තරඟකාරිත්වය සහ බලපෑම ඒකාබද්ධව වැඩි දියුණු කරනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම