ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බැලිය යුතු බව පලස්තීන ජනපති කියයි
2024-04-21 18:46:58
Share with:

ඇමරිකාව සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් යළි සිතා බැලිය යුතු බව පලස්තීන ජනාධිපති  Mahmoud Abbas මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා තම රට කළ ඉල්ලීම ඇමරිකාව නිෂේධ කිරීමෙන් පසු, පලස්තීන ජාතික අධිකාරිය ඇමරිකානු සබඳතා ගැන යළි සිතා බැලිය යුතු ව ඇතැයි ඔහු ඊයේ (20) කියාසිටියේය. 

ජාත්‍යන්තර නීතියට පටහැනිව ක්‍රියා කරන ඇමරිකාව ද්විරාජ්‍ය විසඳුම සම්බන්ධයෙන් මෙන්ම කලාපීය සාමය සහතික කරන බවට දී ඇති සියලු පොරොන්දු කඩ කර ඇතැයි ද පලස්තීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  ඊශ්‍රායල - පලස්තීන ගැටුම විසඳීම සඳහා යුක්ති සහගතව ක්‍රියා නොකරන්නේ නම් කලාපීය ස්ථාවරත්වය සාක්ෂාත් නොවනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම