මාලදිවයින් මහමැතිවරණය ඇරඹේ
2024-04-21 17:32:32
Share with:

මාලදිවයින් මහමැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ. අද (21) එය ආරම්භ වූයේ දේශීය සහ විදේශීය වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීමෙන් පසුවයි.

ඡන්ද අපේක්ෂකයෝ 368 දෙනෙක් පාර්ලිමේන්තු ආසන 93 ක් සඳහා මෙවර තරග වදිති. ඉදිරිපත් ව සිටින කාන්තා අපේක්ෂකයන් ගණන 42 කි. සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් ගණන 280,000 කට අධික ය.

මෙවර මහමැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 602 ක් පිහිටුවා ඇත. විදේශීය ඡන්ද මධ්‍යස්ථාන 3 ක් කොළඹ, ඉන්දියාවේ ත්‍රිවැන්ද්‍රම් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් යන නගරවල ස්ථාපනය කර තිබේ.

පෙරවරු 8 ට විවෘත වූ දේශීය ඡන්ද මධ්‍යස්ථාන එරට වේලාවෙන් සවස 5.30 දක්වා විවෘත ව තැබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම