ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක
2024-04-21 16:14:09
Share with:

ලෝකයේ අතිනවීන තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. ජනාධිපතිවරයා ඊයේ (20) පෙරවරුවේ එම චාරිකාවට එක් විය.

ජනාධිපතිවරයා 2022 වසරේ දෙසැම්බර් මාසයේ අඹේවෙල කිරි ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළේ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේ දී ආරම්භ කෙරිණ. එම නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය.අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිවරයා අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට සැපයෙන දායකත්වය ඇගැයීමට ලක් කළේය.

2022 වසරේ ලීටර් 40,000 ක් පමණ වූ දෛනික කිරි නිෂ්පාදනය,  නවීකරණ වැඩපිළිවෙළ හේතුවෙන් මේ වසර වන විට කිරි ලීටර් 52,000 ක් දක්වා වර්ධනය වී ඇති බව, ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරි සරත් බණ්ඩාර මහතා පැවසීය. එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බව ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම