සීගිරිය අවට සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය මේ වසරින් අවසන්
2024-04-21 16:17:28
Share with:

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කිරීමට පියවර ගැනේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇත. 

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඇ. ඩොලර් මිලියන 30 කි. මෙම ව්‍යාපෘතියට නාගරික පහසුකම් සැපයීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත්කරනු ලැබ ඇත. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය යන නගරවල හඳුනාගෙන ඇති ස්ථාන සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරේ. මෙමගින් රටට විශාල ආදායමක් උත්පාදනය කරගත හැකි බව ද ඇමතිවරයා පැවසීය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගර හා ඒ අවට හඳුනාගත් ප්‍රදේශ ප්ලාස්ටික් භාවිතයෙන් තොර පරිසර හිතකාමී සංචාරක කලාප ලෙස සංවර්ධනය කෙරෙනු ඇත. එහිදී ජනතා ජීවනෝපාය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා ලෙස ද රණතුංග මහතා උපදෙස් දී තිබේ.

 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම