මෙරට අධ්‍යයන කාර්යමණ්ඩල පුහුණු කිරීම සඳහා බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහාය ලබාගැනීම කෙරෙහි අවධානය
2024-04-21 17:29:37
Share with:

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත කාර්යමණ්ඩල දැනුවත් කිරීම සහ පුහුණු කිරීම සඳහා කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහභාගිත්වය ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමුකෙරේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ වැන්කුවර් නුවර බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ  බලධාරීන් අතර පැවති විශේෂ හමුවක දී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. 

මේ යටතේ මෙරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක  අධ්‍යාපනඥයන්, කථිකාචාර්යවරුන්, සහ විදුහල්පතිවරුන් මෙන්ම, ඉදිරියේ දී විද්‍යාපීඨ ඒකාබද්ධ කරමින් පිහිටුවීමට නියමිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පරිපාලකයන් සහ පීඨ සාමාජිකයන් පුහුණු කිරීමට බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සහාය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ ව ද මෙහි දී අවධානය යොමුවිය. 

බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වැඩබලන සභාපති මහාචාර්ය Gage Averill මහතා ඇතුළු බලධාරීහු පිරිසක් ද අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම