චීන රජය ගාසා තීරය වෙනුවෙන් ලබා දුන් සහනාධාර තොග දෙකක් ඊජිප්තුවට ළඟාවෙයි
2024-04-20 16:59:27
Share with:

ගාසා තීරයේ පවතින දැඩි මානුෂීය අර්බුදය සමනය කිරීම සඳහා චීන රජය හැකි උපරිම අයුරින්, පලස්තීනයට අඛණ්ඩව සහනාධාර සැපයීමේ නිරත ව සිටී. මේ වන විට චීනය ඊජිප්තුව හරහා ගාසා තීරයට ආහාර, ඖෂධ, ධාන්‍ය සහ වෛද්‍ය සැපයුම් වැනි හදිසි මානුෂීය සැපයුම් අදියර කිහිපයක් යටතේ ලබා දී තිබේ.

කූඩාරම්, බ්ලැන්කට්, කපු ඇඳුම්, වෛද්‍ය සැපයුම් සහ පිටි ඇතුළු නවතම චීන සහනාධාර තොග දෙකක් ඉකුත් 18,19 දිනවල ඊජිප්තුවට ළඟා වී තිබේ. මේවා Rafah හි වරායන් ඔස්සේ ගාසා තීරයට යැවෙනු ඇත.

ඊජිප්තුවේ පලස්තීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් කියාසිටියේ, තම රටේ ජනතාව වෙනුවෙන් චීනය දක්වන නිරන්තර සහයෝගය පලස්තීනය බෙහෙවින් අගය කරන බවයි. එසේම ජාත්‍යන්තර මට්ටමේ විවිධ අවස්ථාවන්හි දී පලස්තීන අයිතිවාසිකම් තහවුරු කිරීමට චීනය ඉදිරිපත් වීම පලස්තීනය ඉහළින් අගය කරයි. අර්බුදකාරී අවස්ථාවල දී ආධාර සැපයීමේ චීනයේ කාරුණිකත්වයට පලස්තීන රජය මෙන්ම ජනතාව අවංක කෘතඥතාව සහ ඉහළ ගෞරවය ප්‍රකාශ කරන බව, ඊජිප්තුවේ පලස්තීන තානාපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම