පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ ගුණදායී සහල් බෙදා දීම ඇරඹේ
2024-04-20 17:15:06
Share with:

පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කෙරුණු විශේෂ ගුණදායී සහල් පාසල් වෙත නිකුත් කිරීම ඇරඹේ. වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේ දී ඊයේ (19) එම වැඩසටහන ආරම්භ විය. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පාසල් දරුවන් අතර යකඩ ඌණතාව අවම කිරීම ඉලක්ක කර ගනිමින් මෙම සුවිශේෂ සහල් පාසල් ආහාර වේල සඳහා ලබාදෙන බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඇති ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය මගින් මෙම බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය කෙරේ.ඒ අනුව, පළමු අදියර යටතේ පළාත් මට්ටමින් සහල් මෙට්‍රික් ටොන් 735ක් නිකුත් කෙරෙනු ඇත.

‘නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්’යන තේමාව යටතේ 2024 වර්ෂය සඳහා දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් සිසුන්ට පාසලේ දී  ආහාර වේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු‍ අවම කිරීම, දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම සහ යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම  මින් අපේක්ෂිත ප්‍රධාන අරමුණු වේ.

 

 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම