අඩු ආදායම් සහිත රටවල් මුහුණ දෙන ආර්ථික අභියෝග විසඳිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
2024-04-20 16:17:00
Share with:

අඩු ආදායම් සහිත රටවල් මුහුණ දෙන ආර්ථික අභියෝග විසඳිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය හිමි සියලු රටවල් ඒකාබද්ධව පවසා ඇතැයි එහි සභාපතිනි Kristalina Georgieva මහත්මිය පවසයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය ඊයේ (19) කියාසිටියේ, අඩු ආදායම් සහිත බොහෝ රටවල් ණය අර්බුදවලට මුහුණ පා සිටින බවයි.

2024 වසරේ අඩු ආදායම් සහිත රටවල සමස්ත වර්ධන අපේක්ෂාව  4.9% ක සිට 4.7% ක් දක්වා අඩු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ. ලෝක බැංකුවේ වාර්තාවකට අනුව ලෝකයේ දිළිඳු ම රටවල් හා පොහොසත් ම රටවල් අතර ආර්ථික පරතරය මේ සියවසේ ප්‍රථම වරට වැඩි විය. එය ගෝලීය සංවර්ධන ප්‍රවණතාවට නොගැලපෙන විපර්යාසයකි. ඒ බලපෑමට හසුව සිටින අඩු ආදායම් සහිත රටවලට සහාය දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශක්තිමත් භාවයට හේතු වනු ඇතැයි ද Kristalina Georgieva මහත්මිය ප්‍රකාශ කළාය.

 

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම