චීන- ගැබොන් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට විදේශ අමාත්‍යවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති
2024-04-20 16:37:32
Share with:

චීන- ගැබොන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට විදේශ අමාත්‍යවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති. අද (20) චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ගැබොන් ජනරජයේ විදේශ අමාත්‍ය Régis Onanga Ndiaye මහතා එසේ සුබ පැතුම් හුවමාරු කරගෙන ඇත.

චීනය හා ගැබොන් ජනරජය කල්‍යාණ මිතුරන් මෙන් ම සුහද හවුල්කරුවන් බව වං යී මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් කියා සිටී. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ගෙවුණු වසර 50 තුළ විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා කැපීපෙනෙන ජයග්‍රහණ අත්කරගෙන තිබේ. චීන-ගැබොන් පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා ඉදිරියට ගෙන යාම සඳහා Régis Onanga Ndiaye විදේශ ඇමතිවරයා සමග එක්ව කටයුතු කිරීමට තමා සූදානමින් සිටින බව ද  චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගැබොන් ජනරජය සහ චීනය අතර පවතින්නේ දැඩි සහෝදරත්වයක් බව Régis Onanga Ndiaye මහතා පවසයි.මේ වන විට තම රට චීනය සමග පවත්වන සහයෝගිතා බොහෝ ජයග්‍රහණ ලබාගෙන තිබේ. චීනය සමග එක්ව ද්විපාර්ශ්වික සම්බන්ධතා අඛණ්ඩව ශක්තිමත් කිරීමට කැමති බව ගැබොන් විදේශ අමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් කියා සිටී.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම